Saturday, June 3, 2017

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

 
 
 
 
 
 
 
තමන්ගෙ විශ්ව විද්‍යාල ප්‍රේමවන්තිය හදිස්සියේ පාරෙදි මුණගැහෙනව , සුහදව ඇය හා කතාකරන රචකයා ඇය යනකල් බලාගෙන ඉන්නව එවිට ඔහුට ඇතිවෙන සංකල්පනාවක් 

 
.......... ගීතයේ ගලාගෙන යන්නෙ... හරි අපි බලමු.........

සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්ය යන කටයුතුඋදෙසා ,විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. මේ ඒ ආදර කතාවේ එදා සහ අද තත්වයයි.....

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ඉතින් ආදරෙන් බැදුන අපි විශ්ව විද්‍යාලයෙන් වෙන්වුනාට පසු අපි අපිවම අමතක කරල ඈත් කරල දාල... නමුත් එහෙම කලේ කමැත්තෙන් නෙමෙයි. කරන්න උනා.... ඔයා කොහෙද මම කොහෙද .... සහ අපේ ජීවිත ප්රතශ්ණ.... අපි විශ්ව විද්යාකලයේ හිටපු කාලෙ කරපුව දැන් කරන්න බෑ... ඒක නිසා අපි වෙන් උනා නෙමෙයි වෙන් කෙරුණා. ඒ නිසා තමා මේ ගීතයේ මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි කියල යෙදෙන්නෙ....




වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

 
 
අපි නෑ කියල නෑ... ඔයාටයි මටයි හොදට පුරුදු වැව් ඉවුර එදා වගේමයි.... නුග ගස් එදාවගේමයි... එහෙනම් ඉතින් සොදුරිය අපිටත් එදා වගේ ආදාරය කරන්න පුළුවන් නේද....? අපි එහෙනම් සරසවි බිමට යමුද? එදා වගේම ආදරයක් අපි කරමුද? නමුත් සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා......... මෙහි කදුරැල්ල කියල දක්වන්නෙ දෙදෙනාගේම විවාහ... ඉතින් අපිට ආයෙත් පෙමෙන් බැදුන්න හිතුනත්... හීන දුටුවත්.... ඒ හීන වලට ලොකු බාධාවක් තියෙනව ඒ තමා අපේ විවාහයන්... මේ විවාහයෙන් එතෙරව ඔයත් එක්ක මට යන්න හිතෙනවා සොදුරිය...... එහෙම හිතුනත් ඒ සිතිවිල්ල පාලනය වෙනව.... ඒකට හේතුව තමා පහලින් තියෙන්නෙ....

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මම ඔයාගෙ අත අල්ලගෙන ගියපු මේ පාරෙ දැන් මම මගේ බිරිද එක්කයි යන්නෙ. ඒක එක හේතුවක්.... නමුත් ඊට වඩා ප්රගබල වූ හේතුවක් තියෙනවා.... ඒ තමා මගේ අතැගිල්ලෙ එල්ලීඑන මගේ ලේ වලින් උපන්න මගේම පුතා. මේ විදියට යන්න අපි පතපු හැටි, මෙහෙම අපේ ළමයි ගැන අපි කතාකරපුව දැන් එකින් එක මට සිහිවෙනව...... සිතුදේ නොමවෙන... නොසිතූ දෙවල් වෙන මේ ජීවිතය හරියට හීනයක් වගේ....

හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්ය. ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේරුම්මකීර්ති කවියාණෝ මනාවට විගර්යහ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේරා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස් සංඛ්යා.ත ශරා වක සවන් පත් සනහා ලන්නකි. එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.
 
 
සිංදුව රසවිදින්න කැමති අය ඉන්නවානම් මෙතනින් බාගන්නකෝ
 
 
 
 
 

No comments:

Post a Comment

laptop එක mobile එකෙන් control කරමු ද?

අද අපි වෙනස් ම post එකක් ගෙනාවා .මේක සුපිරි වැඩක් .සුපිරි වැඩක් කීවට මොකක්ද කියලා කීවේ නෑනේ තාම එහෙනම් අහගන්නකෝ. අපි අද කියන්න හදන්නේ...